ගෝතමාලාවේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට

0
325

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්වාතමාලා නගරයෙන් පිටත අධිවේගී පාලමක් වන Puente Belice හරහා ගමන් කළ බස් රථයක් දුෂිත මිටියාවතකට පෙරලීමෙන් 51ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මියගිය අය අතර පිරිමි 36 දෙනෙකුගේ සහ කාන්තාවන් 15 දෙනෙකුගේ සිරුරු මෙලෙස සොයාගෙන ඇති බව එරට ගිනි නිවන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ගිනි නිවන දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍යවල බෙදාගත් පින්තූර වලින් පෙන්නුම් කළේ බස් රථය වින්දිතයින්ගේ සිරුරු වලින් වට වූ අපජලයට අර්ධ වශයෙන් ගිලී ඇති බවයි.

මෙම අනතුර හේතුවෙන් ග්වාතමාලාවේ ජනාධිපති බර්නාඩෝ අරෙවාලෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රක්ෂයට පත් කර ඇත.