ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට සද්දයක්!

Date:

කොළඹ LNW:එළඹෙන සෙනසුරාදා දිනය වන විට හමාස් සංවිධානය භාරයේ සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිහා නොකරන්නේ නම් සටන් විරාම ගිවිසුම අවලංගු කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල්දමන බවට කළ ප්‍රකාශයෙන් පසුවයි.

හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම කඩ කරමින් සිටින අතර පසුගිය දිනවලද සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල අකර තිබෙන අතර ඉන් පිරිසක් මිය ගිය බවයි.

ගාසා තිරය වෙනුවෙන් සිදුකෙරෙන මානුෂීය ආධාර ලබාදීමටද ඊශ්‍රායලය බාධා එල්ලකරමින් සිටින බවට හමාස් සංවිධානය චෝදනා කර සිටියි.

මේ අතර ජිවත්වන සහ මියගිය සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාගන්නා තුරු අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර තිබේ.

ගාසා තීරයේදී මියගිය බව තහවුරු කරන ලද වයෝවෘද්ධ සිරකරුවෙකු වන ෂ්ලෝමෝ මන්සූර්ගේ අභාවය පිළිබඳ “කටුක පුවත” සඳහා අගමැති නෙතන්යාහු සිය ශෝකය පළ කර තිබෙන අතර නෙතන්යාහු පවසා තිබෙන්නේ මන්සූර් ව ඝාතනය කර ගාසාවට රැගෙන යන්නට ඇති බවයි.

කෙසේවෙතත් තවදුරටත් ඊශ්‍රායල – හමාස් ගැටුම යුගයේ දරුණුතම මානුෂීය ඛේදවාචකය ගොඩනගා තිබෙන අතර කුමන මොහොතක හෝ සටන් විරාමය වුවද පැත්තකට විසිවිය හැකිය.

පවතින තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් ට්විටර් පණිවිඩයක් තබමින් අවධාරණය කර ඇත්තේ ගාසා තීරයේ යුද්ධය නැවත ආරම්භ වීම කුමන අයුරකින් හෝ වැළැක්විය යුතු වන බවයි.

දෙපාර්ශ්වයම සටන් විරාම ගිවිසුමේ ඔවුන්ගේ කැපවීම්වලට සම්පූර්ණයෙන්ම අවනත විය යුතු අතර බරපතල සාකච්ඡා නැවත ආරම්භ කළ යුතු, වන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...