බලය අපයෝජනය, ළමා අපයෝජනය එකවර කැමරා කාචයේ සටහන් වූ අයුරු!

සටහන – පුලී
පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊලොන් මස්ක්ගේ සිව් හැවිරිදි පුත්‍රයා ඉකුත් අඟහරුවාදා ඔහුගේ පියා සහ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ ඕවල් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වී තිබීම මේ දිනවල කාගේත් කතාබහට නතු වූ කරුණකි. කෙසේ වෙතත්, පුංචි X ඔහුගේ විකට ක්‍රියාවලියන් සමස්ත ප්‍රජාවගේම ඇස ගැටිණි.

මේ පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පුටුවේ සිට නිහඬව බලා සිටි අතර, ඔහුගේ ඉදිරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වීය.

එපමණක් නොව මස්ක්ගේ රසිකයෙක් පළ කළ ට්වීටර් සටහනක, ඉතිහාසය නැවත නැවත සිදු වන අතර, එය රූප දෙකක් ඔස්සේ පෙන්වන බව සඳහන් කරමින් පළමු රූපය ජෝන් කෙනඩිගේ පුත්, ඔහුගේ පියා ඕවල් කාර්යාලයේ සේවය කරන කළෙක මේසයට යටින් සෙල්ලම් කරන සුන්දර රූපයක් ද, දෙවැන්නෙහි මස්ක්ගේ පුත් X මැලි බවක් පෙන්වමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පුටුවේ යට පසෙක සිටී.

නමුත් මෙම අවස්ථා දෙක අතර එක් පැහැදිලි වෙනසක් මට පෙන්වා දිය හැකි අතර ජෝන් කෙනඩිගේ පුත්‍රයා මතක ඇති කාලෙක ඔහුගේ පියා පිළිබඳ විවේචන කර තිබුණේ නැත.අනෙක් අතට මස්ක්ගේ පොඩි කොල්ලා හට කීමට බොහෝ දේ ඇති බවක් පෙනේ.



ට්‍රම්ප්ගේ මේසය පසෙක දඟලමින් සිටින් පුංචි X එක තැනකදී;
“You’re not the president. You need to go away” කියලා පවසන අතර ට්‍රම්ප් ඒ ප්‍රකාශය නෑසුනා සේ සිටින බවක් පෙනෙන්නට විය.

තවත් විටෙක ඔහු “I want you to shut your f*cking mouth up” කියමින් මුමුණයි. අපි ඕනෑම අයෙක් දන්නා කරුණනම් කුඩා දරුවෙක්ගේ මානසික මට්ටම සහ ඔවුන් කුඩා අවධියේදී කෙසේ ද තම ඔලුවට හොඳ නරක දේවල් කෙසේ ද කාවද්දා ගන්නේ යන්නයි.


පොඩි දරුවෙකුගේ නොදනුවත්කමින් කියවෙන වචන අපි ලොකු කරගත යුත්තක් නොවේ. නමුත් මෙය තෙවැනි ඇසකින් බැලුවහොත් මා හට පෞද්ගලිකව පෙනෙන්නේ ඔහුගේ පුංචි හිතේ ඇති ප්‍රකෝපකාරී දැෂ්ඨියයි.

ඉදින් ඔබට ඇසුණු පරිදි ට්‍රම්ප් ඇත්තටම ජනාධිපති නොවේ යැයි ඔහු පැවසුවහොත්, ඔහු වටා සිටින කවුරුන් හෝ මීට පෙර එසේ ඔහුට ඇසෙන පරිදි පවසා තිබේ.

තවත් පසෙකින් සිතා බැලුවහොත් ඔහු, ඔයාගෙ මගුල් කට වහගන්න කියා පැවසීම ද එකවිටෙක කවුරුහරි එහෙම කියනවා එයාට ඇහිලා තියෙනවා සහ නැත්නම් කවුරුහරි එයාට එහෙම කියලා තියෙනවා යන නිගමනයට එලැඹිය හැකිය.

ඒක පැත්තකට දාන්නකෝ, මොන මගුලක්ද එලෝන් මස්ක් ඕවල් ඔෆිස් එකේ ඉඳන් ධවල මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා කරන්නේ? යන පැනය ඕනෑම කෙනෙකුට ඉබේම ඇතිවන පැනයකි. ඔහු ඡන්දයෙන් හෝ තේරී පත් වූ නිලධාරියෙක් ද නොවන අතර ඔහු හැසිරෙන්නේ ට්‍රම්ප් ගේ ඔක්කෝම දේවල් ඔහුගේ මෙනි.

පොඩි දරුවාට පිට කෙනෙක් අර දේවල් කීවා විය නොහැක. ඔබට තේරෙනවා නේ මම කියන දේ!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...