යට යන උඩ එන නාමල්ගේ නීති පට්ටම!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’  නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යාණුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව කළ පැමිණිල්ලකට අනුවයි.

සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට වාර්තාවක් පළවී ඇති බැවින්, එම වාර්තාවකට අනුව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...