දකුණු කොරියාවේ හෝටල් ඉදිකිරීම් භූමියක ඇති වූ ගින්නකින් අවම වශයෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයේ හෝටල් ඉදිකිරීම් ස්ථානයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම හෝටල් සංකීර්ණය සුඛෝපභෝගී හෝටලයක් සහ නිවාඩු නිකේතන ජාලයක් වන Banyan Tree ට අයත් වන අතර මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් දකුණු කොරියාවේ යොන්හැප් පුවත් ඒජන්සිය සඳහන් කර තිබුණේ, අද(14) අලුයම ගින්න හටගෙන ඇති අතර එය ඉක්මනින් උත්සන්න වී ඇති බවයි.

බුසාන් නගරයේ ගිනි නිවන සේවය ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන භටයින් 90 දෙනෙකු යොදවා ඇති අතර, හෝටල් අභ්‍යන්තරයේ සේවකයන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් භාවිතා කර ඇත. පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති නමුත් සියලුම කම්කරුවන් බේරාගෙන තිබේද යන්න බලධාරීන් තහවුරු කර නොමැත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ වැඩබලන ජනාධිපති Choi Sang-mok ප්‍රකශ කර තිබුණේ, පවතින සියලුම පිරිස් සහ උපකරණ අනතුර සිදුවූ ස්ථානයට යොදවා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...