නිපුනතා සවිය ප්‍රතිලාභ යෝජන ක්‍රමය මඟින් A/L දරුවන්ට සවියක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ (LNW):

නිපුනතා සවිය ප්‍රතිලාභ යෝජන ක්‍රමය නමින්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයන්ගේ උසස් පෙල විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන්  මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇත.

2024 උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂිත දූදරුවන් වෙනුවෙන් ඔස්සේ  එය ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ජාතික වෘත්තීය නිපුනතා 3 /4 සහ 05 මට්ටමේ පිලිගැනීම සහිත තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතන මගින් මෙහෙයවන තෝරාගත් පාඨමාලා 100ක් අතුරින් එක් පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් රුපියල් 50,000 ක උපරිමයකට යටත්ව ආධාර පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරි 22 වනදා සිට ආරම්භ වූ අතර, අප්‍රේල් 20 වනදා වන විට අයදුම්පත් භාර ගැනීම අවසන් වන බව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පවසයි.තොරතුරු ලබා ගැනීමට www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හැකියාව පවතින බව වැඩිදුරටත් වාර්තා වේ .

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...