බංකොලොත් රට ගොඩගන්න විජය කුමාරතුංගගේ දර්ශනය අතිශය වැදගත් – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විජය කුමාරතුංග චරිතය, ඔහු නිර්මාණය කළ දර්ශනය, අනුගමනය කළ ප්‍රතිපත්තීන් විශේෂයෙන්ම කඩාවැටුණු ගරාවැටුනු බංකොලොත් දේශයක් යළි ගොඩනැංවීමේ ක්‍රියාදාමයට බොහෝ සෙයින් වැදගත් වන බවත් විජය කුමාරතුංග මැතිතුමා සතුව තිබූ අද යුගයට වැදගත් වන උතුම් ගුණාංග රාශියක් ඇති බවත් ඒවා අනුගමනය කිරීම තුළින් වැටී ඇති ප්‍රපාතයෙන් රට ගොඩනැංවීම අපහසු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විජය කුමාරතුංග මහතා නිර්ව්‍යාජ චරිතයක් බවත් කලා ක්ෂේත්‍රයේ ඉහළම තලයට ගියා මෙන්ම මුළු රටම පිළිගත් ජනප්‍රිය සිනමා නළුවෙකු බවත් ඔහු සතුව අතිවිශිෂ්ට ගුණාංග රැසක් තිබූ බවත් හදවතේ තිබූ සෑම අදහසක්ම එළිපිට ප්‍රකාශ කළ බවත් ජනතාවට ඉදිරිපත් කළ බවත් ඔහු කුමන අවස්ථාවකදීවත් වාසි සහගත යැයි සිතුණු අවස්ථාවල බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදුන් බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

මෑත කාලයේ අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය දෙස බලන විට විවිධ අවස්ථාවල බල හුවමාරු උදෙසා තමන් විශ්වාස කළ ප්‍රතිපත්තීන් එළිපිට මහජන වෙන්දේසියක ඉහළම මුදලට පාවා දෙන සංස්කෘතියක් රටේ ඇති අවස්ථාවක විජය කුමාරතුංග නිර්මල චරිතය තුළින් ප්‍රතිපත්ති පාවා නොදෙන ගුණය උගත යුතු බවත් බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන රටේ ජනතාවට කුමන දෙයක් වුවත් තමන්ට තනතුරු ලැබෙනවා නම් කමක් නැතැයි කියන ජරාජීරණ වූ දේශපාලනය ක්‍රමය එදා ඔහු ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොදුජනතාවගේ දුක දැනී ගත යුතු ක්‍රියාමාර්ග නොපැකිලිව ගන්නා පාලනයක් රටට අවශ්‍ය බවත් විජය කුමාරතුංග මහතා දේශපාලනය කළ කාලයේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ඔහුට පහර ගැසුවත් ඔහු නොසැලී කටයුතු කළ බවත් නිර්භීත ලෙස අධිෂ්ඨානශිලීව කාර්යක්ෂම කාර්යශූරව ඉලක්ක සම්පූර්ණ කරන්නට සෑම පරිත්‍යාගයක්ම කළ බවත් විපක්ෂ නායකවරය පෙන්වා දුන්නේය.

මානව අයිතිවාසිකම් ලෙස සලකන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් වුවත් මානව අයිතිවාසිකම්වලට පුළුල් පරාසයක් ඇති බවත් ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකමක්ම තිබිය යුතු බවත් අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මාන්තය කර්මාන්ත ක්ෂේත්‍රය වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් ආදී සෑම දෙනාගේම අයිතීන් ආරක්ෂා කරන්න පුළුල් අර්ථකථනයක් ඇති මානව අයිතිවාසිකම් පිළිගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා විජය කුමාරතුංග මහතා හදපත්ලෙන්ම එය පිළිගත් බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණ සමරුව සදහා එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...