හර්ෂගෙන් අනතුරු ඇඟවීමක්!

0
6099

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

අද (18) දින අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්, වර්තමානයේ ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තුළ වාහන ආනයනය අවදානම් බව, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්,

“තවත් ලොකු බලාපොරාත්තුවක් තිබ්බා ජපන් බයික් එකක් ගන්න.. ලක්ෂ 14ට විට්ස් එකක් ගන්න පුළුවන් කියලා කවුද කිව්වා.. මම බැලුවා toyota raize එක ලක්ෂ 122යි, යාරිස් එක ලක්ෂ 185යි, ප්‍රියස් එක ලක්ෂ 289යි… මෙතන ලොකු අවුලක් නිර්මාණය වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ බදු වැඩිවීමේ වැඩි දායකත්වයක් තියෙන්නේ මෝටර් වාහන ආනයනය හරහා කියලා. මම හොයලා බැලුවා කොහොමද කියලා. දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6%ක් විතර වැඩි වෙන්න ඕනේ බදු. ඒකෙන් භාගයක් විතර වාහන ආනයනයෙන් තමයි එන්නේ. ඉතිං වාහන ආනයනය අතිෂෙයින්ම අවදානම්. මොකද මේ වගේ ගණන්වලට කවුද වාහන ගේන්නේ. ඔහොම වාහන ගේන්න සල්ලිකාරයෝ මම නම් හිතන්නේ නෑ ලංකාවේ ඉන්නවා කියලා.” ලෙස පැවසීය.