සෞඛ්‍ය අංශයේ ඇති ප්‍රධාන ගැටළුවක් ගැන සාකච්ඡාවක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 18, කොළඹ (LNW):

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවත්වා ඇත.

එහිදී, රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකිරීමේදී රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති ලේකම්වරයා ඒ අවස්ථාවේ සඳහන් කර ඇත්තේ, එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවයි.

හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධවසාකච්ඡා කෙරුණු අතර එහිදී වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගේ නත්තල් දින පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග...

අද (25) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 25) දිනයේදී ඌව පළාතෙත්...

අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ...

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!