මිද්දෙනියේ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට !

Date:

මිද්දෙනිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පෙරේදා (18) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවාත් මියගොස් තිබේ.

ඔහු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) පස්වරුවේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම වෙඩිතැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නමැති අය සහ ඔහුගේ 06 හැවිරිදි දියණිය පෙරේදා දිනයේදීම මරණයට පත්ව තිබිණි.

ඔහු තම දරු තිදෙනා සමග රාත්‍රී ආහාර මිලදී ගැනීම සඳහා ගල්පොතයාය ප්‍රදේශයේ වෙළඳසැලකට ගොස් ඇති අතර ආහාර සූදානම් කෙරෙන තුරු වැඩිමල් දරුවා එහි නවතා බාල දියණිය සහ පුතා සමග වෙනත් වෙළඳසැලකට යතුරුපැදියෙන් ගොස් ඇති බවත් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම වෙළඳසැලේ සිට ආපසු පැමිණෙමින් සිටියදී බවත් සඳහන්.

වෙඩිවැදීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නමැත්තා එම ස්ථානයේදීම මියගොස් තිබුණු අතර 06 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු T56 ගිනිඅවියකින් වෙඩිතබා පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම මියගිය අරුණ විදානගමගේ නමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවත් පොලීසිය පැවසීය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...