ලංකාව නැති ක්‍රිකට් ලෝක කුසලානයක් තියෙන පකිස්තානෙට ලංකාවෙ නම රැගෙන මලල ක්‍රීඩකයෝ යති

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 20,(LNW)කොළඹ :

මේ මොහොතේ චැමිපියන්ස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්තානය සහ ඩුබායි රාජ්‍යය පදනම් ක්‍රියාත්මක වෙමින් ඇත.ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේදි මුල් කණ්ඩායම් අට අතරට නො‘ආ නිසා මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නැත.එහෙත් සිංහ ධජය රැඟෙන කොලු රෑනක් මේ මොහොතේ ඉස්ලාමාබාද් නුවරට ගොඬ වඳින්නට නියමිතය .ඒ ආසියානු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ රට හරහා දිවීමේ පිරිමි තරගාවලිය නියෝජනය කරන්නටය.


පෙබරවාරි 25 වන දා ඉස්ලාමාබාද් නුවර ෆාතිමා ජින්නා උද්‍යානයේ දී පැවත්වෙන මෙම තරගාවලියට ඉන්දියාව ඇතුළු සියලු දකුණු ආසියාතික රටවල්වල ක්‍රීඩකයන් එක් වෙනු ඇතැයි යන්න පකිස්තානයේ බලාපොරොත්තුවය.මේ වන විටත් ඒ බලාපොරොත්තු ඉටු කරමින් නේපාල කණ්ඩායම පකිස්තානයට පැමිණ ඇත.


වසර 77 ට පසුව පකිස්තානයේ රට හරහා දිවීමේ තරගාවලියක් සංවිධානය කරන්නට දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ දායකත්වයෙන් කටයුතු කරන පකිස්තාන මලල ක්‍රීඩා සංගමය මෙම තරගාවලියට විශාල උනන්දුවක් පකිස්තානු වැසියන් තුළ ඇති වී තිබෙන බව පෙන්වා දෙයි.ඊට හේතුව පැරිස් ඔලිම්පික් උළෙලේදී අර්ශාඩ් නදීම් හෙල්ල වීසි කිරීමේ ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීම නිසා එම උනන්දුව ඇති වී තිබෙන බව පැවසෙයි.


මේ මොහොතේ දී ක්‍රිකට් පකිස්තානයේ පැවත්වෙන ලෝක සූර චැම්පියන්ස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ නියෝජනයක් නැති නිසා පකිස්තානයට යන ශ්‍රී ලංකා රට හරහා දිවීමේ කණ්ඩායමටද විශේෂ අවධානයක් යොමු වි ඇත.පහත දැක්වෙන්නේ එම තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම වන අතර ධායාරූප අනු පිළිවෙල අනුව එම නම් සඳහන් කර ඇත.මෙහිදී ජ්‍යෙෂ්ඨ අංශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කණිෂ්ඨ අංශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් මෙම සංචාරයට එක් වෙයි.


ඉදිරි පෙළ වමේ සිට : එස්.පී. වසන්ත කුමාර (කණ්ඩායම් කළමනාකරු), ජෑන්ස් දිසානායක (පුහුණුකරු)
පසුපෙළ වමේ සිට : ඩබ්ලිව්.එම්.එන්.ජී. අබේරත්න (ජ්‍යෙෂ්ඨ), ඩබ්ලිව්.එච්.කේ. මධුෂාන් (කණිෂ්ඨ), ආර්.ඒ.ඩී. හේමන්ත කුමාර (ජ්‍යෙෂ්ඨ), ඩබ්ලිව්. වක්ෂන් (ජ්‍යෙෂ්ඨ),ආර්. විදුෂන් (කණිෂ්ඨ),එස්. තුඩිහර්ෂන් (කණිෂ්ඨ)

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...