ඉන්දියාවේ නීති විරෝධී අදහස් වපුරන පොත් සිය ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තහනම් සංවිධානයක නීතිවිරෝධී මතවාදය ප්‍රවර්ධනය කරන රහසිගතව අලෙවි කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් වූ විශ්වාසනීය බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වෙමින් කෘති 668 අත්අඩංගුවට ගෙන ඇති බව කාශ්මීරයේ පොලිසිය නිවේදනය කර තිබේ.

මෙම බොහෝ කෘති ලියා ඇත්තේ කාශ්මීරයේ තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධානයක් වන ජමාත්-ඊ-ඉස්ලාමි ආරම්භ කළ 20 වැනි සියවසේ ප්‍රමුඛ ඉස්ලාමීය විද්වතෙක් වන අබුල් අලා මෞදුඩි විසිනි.

මෙම කෘතිවල සාකච්ජා වන කරුණු හරහා රටේ සාමාන්‍ය නීති රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, එවැනි ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය ප්‍රකශ කර ඇත.

කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ජමාත්-ඊ-ඉස්ලාමි නායකයින් සඳහන් කර තිබුණේ, පොත් අත්අඩංගුවට ගැනීම අසාධාරණ හා ව්‍යවස්ථා විරෝධී සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්වන බවත්, මේවා නීත්‍යානුකූලව දිල්ලියේදී ප්‍රකාශයට පත් කර ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...