අද (20) දින ෂැංග්‍රි-ලා හම්බන්තොටදී , ලක්ආකේඩ් හි නවතම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් දිනයක් වනු ඇත. මෙම උත්සවය ෂැංග්‍රි-ලා හම්බන්තොට හි සාමාන්‍යාධිකාරී Rifhan Razeen මහතා සමඟලක්ආකේඩ් නියෝජ්‍ය සභාපති Darup Peires මහතා සහ ලක්ආකේඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් කොස්වත්ත මහතා විසින් සිදු කරන ලදී.
විවෘත කිරීමේ උත්සවයේදී අනිල් කොස්වත්ත මහතා විසින් මෙම සමාරම්භයේ වැදගත්කම පිලිබඳ අවධාරණය කළේය.
“ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින සංචාරක කර්මාන්තය අපගේ සංස්කෘතිය සහ උරුමයන් ලොවට ප්‍රදර්ශනය කිරීමට මහඟු අවස්ථාවක් ලබා දෙනවා. අපගේ හස්ත කර්මාන්ත, ත්‍යාග සහ සිහිවටන හරහා අපි අපගේ ග්‍රාමීය ප්‍රජාවට ඔවුන්ගේ අද්විතීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් සහ රටට විදේශ විනිමය උපයා දෙන අතරම, ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමට ඔවුන්ට සහාය වන්නෙමු. නව Lakarcade ප්‍රදර්ශනාගාරය ෂැංග්‍රි-ලා හම්බන්තොට අමුත්තන්ට පමණක් නොව, හම්බන්තොට වරායට පැමිණෙන සංචාරක නෞකා සඳහා විශේෂයෙන් සපයනු ලබන එහි සේවාවන් අවට ප්‍රදේශයට ද ව්‍යාප්ත කරනු ඇත. මෙම වැදගත් කර්තව්‍යයේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය ශිල්පයේ සුන්දරත්වය ප්‍රදර්ශනය කරමින් මගීන්ට අව්‍යාජ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමයි.

මෙහිදී Refhan Razeen මහතා සඳහන් කළේ,
“ රටේ තෑගි සහ සිහිවටන අංශයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන Lakarcade සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වන අතර, මෙම හවුල්කාරිත්වය අපගේ අමුත්තන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරනවා පමණක් නොව, දේශීය ව්‍යාපාර සමඟ හවුල් වටිනාකමක් ඇති කරයි. එය නැගී එන සංචාරක කර්මාන්තයට සහය දැක්වීම සඳහා කාලීන සහ අත්‍යවශ්‍ය පියවරක් බවට පත් කරයි.”

දේශීය ආර්ථිකයට සහාය වෙමින් ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමයන් නිවසට රැගෙන යාමට අමුත්තන්ට ඉඩ සලසමින් ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත සහ නිෂ්පාදන පෙළකින් මෙම ප්‍රදර්ශනාගාරය සමන්විත වේ.






