ඊශ්‍රායලයේ බස් රථ තුනක පිපිරීම්: ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයක දී බස් රථ තුනක පිපිරීම් සිදුව තිබෙන අතර, බස් රථ තුනෙහි සිදුවූ පිපිරීම් ත්‍රස්ත ප්‍රහාරයන් බවට සැක පළ කෙරෙයි.පිපිරීම්වලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටෙල්අවිව් අගනුවරට ආසන්න බට්යම් ප්‍රදේශයේ දී මෙම බස් රථ පිපිරීමට ලක්ව ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, තවත් බස් රථ දෙකක මෙලෙස අටවා තිබු පුපුරන ද්‍රව්‍ය පිපිරීමට ලක්ව නැති බවයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා සිය ගණනක පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටින බවයි.

ප්‍රවාහන අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ, මේ අතර පිපිරීම් හේතුවෙන් ඊශ්‍රායලයේ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා දැමීමටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?