හමාස් නිදහස් කරන 06 දෙනාට ඊශ්‍රායලයෙන් 602කට නිදහස!

Date:

කොළඹ LNW:ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක සටන් විරාම ගිවිසුමට අනුව හෙට (22) දිනයේ ඊශ්‍රායලය භාරයේ සිටි පලස්තීන ප්‍රාණ ඇපකරුවන් 602ක් නිදහස් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

හමාස් සංවිධානය විසින් නිවේදනය කර ඇති අන්දමට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනා නිදහස් කිරීමෙන් අනතුරුව උක්ත හයසිය දෙදෙනා නිදහස් කිරීමට නියමිත බව සඳහන්.

එම 602 අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා සිටි 50ක්,දිගුකාලීන සිරදඩුවම් දී සිටි 60ක්,ගැටුම් ආරම්භ වූ 2023 ඔක්තෝම්බර් 07න් පසු අත්අඩංගුවට ගත් ගාසා තීරයේ සිරකරුවන් 445ක් සහ 2011දී දී ගිලාඩ් ෂාලිට් සිරකරුවන්නිදහස් කිරීමෙන් පසු නැවත අත්අඩංගුවට ගත් පලස්තීනුවන් 47ක් සිටින බව දැක්වෙයි.

මේ අතර ඊශ්‍රායලයේ ටෙල්අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයක දී බස් රථ තුනක පිපිරීම් සිදුව තිබේ. එම පිපිරීම් ත්‍රස්ත ප්‍රහාරයන් බවටයි සැක පළ කරන අතර පිපිරීම්වලින් සිදුවූ ජීවිත හානි පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා වී නොමැති බව සඳහන්.

මෙම පිපිරීම් හේතුවෙන් ඊශ්‍රායලයේ අනෙකුත් පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව නවතා දැමීමටද ප්‍රවාහන අමාත්‍යවරයා නියෝග කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...