කැනඩාවේ ටොරෙන්ටෝ හි දී අනතුරට පත් යානයේ ගමන් ගත් මඟීන්ට ඇ.ඩො.තිස්දහසක වන්දි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩෙල්ටා ගුවන් සමාගමට අයත් කැනඩාවේ ටොරෙන්ටෝ හි දී අනතුරට පත් යානයේ ගමන් ගත් සියලුදෙනාට අමෙරිකානු ඩොලර් තිස්දහසක වන්දි මුදලක් ගෙවීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය 18 වැනිදා, ටොරෙන්ටෝ හි පියර්සන් ගුවන් තොටුපලට එම ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදි යානයේ නියමුවන්ට පාලනය කරගත නොහැකිව ලිස්සාගොස් අදාළ අනතුර සිදුවිය.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් එම යානය ශීත කාලගුණික තත්ත්වය සහ හිමකුණාටු තත්ත්වය බලපෑමෙන් අනතුරට ලක්වූ බව වාර්තා වන අතර, ගුවන් ගත වූ යානයේ අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අනතුරට ලක්වීමෙන් පසු 18 දෙනෙකු තුවාල ලැබු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...