කැනඩාවේ ටොරෙන්ටෝ හි දී අනතුරට පත් යානයේ ගමන් ගත් මඟීන්ට ඇ.ඩො.තිස්දහසක වන්දි!

0
408

රෂිකා හෙන්නායක පෙබරවාරි 21 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඩෙල්ටා ගුවන් සමාගමට අයත් කැනඩාවේ ටොරෙන්ටෝ හි දී අනතුරට පත් යානයේ ගමන් ගත් සියලුදෙනාට අමෙරිකානු ඩොලර් තිස්දහසක වන්දි මුදලක් ගෙවීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. පසුගිය 18 වැනිදා, ටොරෙන්ටෝ හි පියර්සන් ගුවන් තොටුපලට එම ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදි යානයේ නියමුවන්ට පාලනය කරගත නොහැකිව ලිස්සාගොස් අදාළ අනතුර සිදුවිය.

ඩෙල්ටා ගුවන් සේවයට අයත් එම යානය ශීත කාලගුණික තත්ත්වය සහ හිමකුණාටු තත්ත්වය බලපෑමෙන් අනතුරට ලක්වූ බව වාර්තා වන අතර, ගුවන් ගත වූ යානයේ අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 76 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු සිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, අනතුරට ලක්වීමෙන් පසු 18 දෙනෙකු තුවාල ලැබු බවයි.