වෙඩිල්ල 6 – කවි කෝලම: නන්දේ හොයා දීපන් බුදු ඥානක්කේ

0
819

ඥානක්කේ කෝ මේ ජෝකර නළුවා
ලගින සියලු ගුබ්බෑයම්වල බැලුවා
ඇඟේ පෙරෝගෙන සීතම්බර සළුවා
ඩෙඟා නටන උඹෙ හුරතල් පොඩි කොලුවා

හෙව්වා අනේ වැඳ වැඳ අටමස්ථානේ
හෝටලෙ හදන තැන බැලුවා ඔහෙ නෑනේ
පැම්පස් ගෙනාවා ලොරියක් අපෙ ගානෙ
හොයා දියන් අක්කේ අපෙ නන්නානේ

වැඩම කරන විරුවා රණවිරු නයිද
රටම හොයනවා අක්කේ කෝ කොයි ද
වටම ගිහිල්ලා අපහු ගෙට එයි ද
රසම පොඩි රෝස් දුන්නත් නයි කයි ද

මයිනා උගන්ඩාවෙන්මයි තේ බොන්නේ
කපුටා ප්ලේන් පැත්තටමයි පාවෙන්නේ
බෙරවා පයට පිටිකර ඔසු පේ වෙන්නේ
විරුවා දකිනතුරු හිත නෑ වාවන්නේ

බංකර හදාගෙන අඳුරෙම නිදනවද
අන්තර පැටව් දැක හීනෙන් ගැහෙනවද
පිංබර රංකඳට මදුරුවො විදිනවද
මන්තර ලඳුනි අනෙ විස්තර කියනවද

නින්දේ නපුරු හීනෙං විතරයි දැක්කේ
ඡන්දේ බිජුව උඹ මිස කවුරුදු රැක්කේ
දුන්දේ පමණි මතුවට පිං විය හැක්කේ
නන්දේ හොයා දීපන් බුදු ඥානක්කේ

–      කෞ ද බෝයි

වෙඩිල්ල 5 – කවි කෝලම: කවුන්සිලේ දුටු රූ ඔබෙ නොවෙද්දෝ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here