අයවැයෙන් කැපූ දීමනා වහාම පෙර අගයටම ගෙන ආ යුතුයි – GMOA දැඩි තීරණයක. වර්ජනයක් ගැනත් අනතුරු හඟවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නව රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා හරහා වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදුවකට ලක්ව ඇති බවත් වහාම ඒ දීමනා පෙර තිබුණු අගයටම පත්කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව තීරණය කළ බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කරයි.

“මූලික වැටුප වැඩිවෙනකොට මේ අයවැය හරහා වෛද්‍යවරුන්ගේ දීමනාවන් ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කරලා තියෙන යෝජනා නිසා මේ වැටුප් වැඩිවීමේ සැබෑ ප්‍රතිලාභය වෛද්‍යවරුන්ට අහිමිවෙලා තිබෙනවා. වෛද්‍යවරුන්ට අමතර රාජකාරි දීමනාව මීට පෙර පැවතුණේ මූලික වැටුපේ මධ්‍යන අගයෙන් 1/80ක මුදලක් ගෙව්වේ. මෙවර අයවැයෙන් ඒ අනුපාතය 1/120 විදියට 50% කින් කප්පාදු කරලා තිබෙනවා. ඒ වගේම තමයි නිවාඩු දින දීමනාව. මූලික වැටුපෙන් 1/20ක් ගෙවනවා ඒ දිනයකට. ඒ දීමනාව 1/30 දක්වා අඩුකරලා තියෙනවා. මේ සියලු කාරණා අද දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්වුණා. ඒකමතිකව මේ සියලු දෙනා එළඹුණු ප්‍රධානම තීරණය තමයි වහාම මේ කප්පාදු කරලා තියෙන දීමනා නැවත පෙර තිබූ අගයටම ගේන්න. මේ වැටුප් ගැටලුව ගැන සාකච්ඡා කරන්න කඩිනමින් අපි ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. එළඹෙන සතිය තුළවත් මේ සාකච්ඡාව ලැබිලා, මේ සම්බන්ධයෙන් උත්තර ලැබෙන්නේ නැතිනම් ඕනෑම ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න වුණත් සූදානම් කියන තීරණය අද දවසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකමතිකව ගත්තා”

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...