අත්අඩංගුවේ සිටි කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (පෙබරවාරි 21) රාත්‍රියේ අත් අඩංගුවට ගෙන සිටි සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව තිබේ.

සඟවා තිබූ ආයුධ පෙන්වීම සඳහා ඔවුන් දෙදෙනාව ඊයේ රාත්‍රියේ රැගෙන ගිය අවස්ථාවේදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරාගෙන වෙඩිතැබීම සඳහා ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට යාමේදී ඔවුන් පොලිස් වෙඩි පහරින් මියගිය බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග විස්තර කළේ මෙලෙසිනි.

“ඊයේ (21) රාත්‍රී 9ට පමණ කොටහේන වීදිය ජංගම දුරකථන අලෙවිසැලක් තුළදී 38 හැවිරිදි ශෂි කුමාර් නමැති පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකළා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබුණා. වෙඩිවැදුණු පුද්ගලයා රෝහල් ගත කිරීමේන් පසු ජීවිතක්ෂයට පත් වුණා. වෙඩිතැබීමට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පලායමින් සිටියදී පොලීසිය හඹා ගොස් අත්අඩංගුවට ගත්තා. මෙම ඝාතනය සඳහා භාවිත කළ යතුරුපැදිය සහ ගිනිඅවියත් එහිදී පොලිස් භාරයට ගැනුණා.පසුව ඊයේ රාත්‍රි කාලයේදී සැකකරුවන් සඟවා තිබූ තවත් අවි ආයුධ පිළිබඳ පොලීසියට ප්‍රකාශ කිරීමෙන් පසු එම ස්ථානය වෙත සැකකරුවන් රැගෙන ගියා. එහිදී සැකකරුවන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනිඅවි උදුරාගෙන පොලිස් නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ කර තිබුණා. පොලිස් නිලධාරීන් විසින් ජීවිත ආරක්ෂාව සඳහා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබුවා. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙනවා”

අත් අඩංගුවේ පසුවන සැකකරුවන් “ආයුධ පෙන්වීම සඳහා ගෙන යාමේ නාටකය” කලක් තිස්සේ ශ්‍රී ලංකා පොලීසිය විසින් රඟ දක්වන ලද එකකි. ඝාතන අශිෂ්ඨ වන්නේ නිල ඇඳුම් නොඅඳින පුද්ගලයින් විසින් පමණක් සිදුකරන විට නොවේ. පාතාලයින් විසින් පුද්ගලයින් ඝාතනය කිරීම මෙන්ම පොලිස් අත් අඩංගුවේ පසුවන සැකකරුවන් ඝාතනය වීම ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට එක හා සමානව ගැටලුකාරී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...