ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව, LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වේ.

ඒ අනුව එම සංවිධානවන මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇත.

තවද, ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එම තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15 පහත පරිදි වේ.

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...