ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව, LTTE සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වේ.

ඒ අනුව එම සංවිධානවන මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇත.

තවද, ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

එම තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15 පහත පරිදි වේ.

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස් 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...