අවසන් අට දෙනාට පැමිණ විරේන් නවතියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 23,(LNW)කොළඹ :

සිංගප්පූරුවේ ක්‍රියාත්මක SBH Singapore International Challenge 2025 තරගාවලියේ අවසන් අට දෙනාගේ තරග වටය තෙක් පැමිණි විරේන් නෙත්තසිංහට එහිදී චීන තායිපේ ක්‍රීඩක චෙන් චායි ටින්ග් අතින් වට 2 – 1 ක් ලෙස පරාජයට පත් වුණා.තරගයේ ලකුනු තත්ත්වය දැක් වූණේ ලකුනු 21-17,16-21 සහ 21–13 ක් ලෙසයි.


විරේන් ඊට පෙර මුහුණ දුන් තරග දෙකද තරග වට 3 ක් දක්වා ගොස් ජය ගැනීමට සිඳු වුණු මැලේසියානු සහ චීන තායිපේ ක්‍රීඩකයන්ට එරෙහි තරග වූ අතර තෙවන වරටත් ඔහුට ඒ ආකාරයේම අභියෝගයක් මතු වීමත් යම් ආකාරයකට ඔහුගේ මනසට සහ කයට පීඩාකාරී විය හැකියි.


විනාඩි 68 ක කාලයක් පුරා දිව ගිය විරේන්ගේ පරාජිත තරගයේ දී 26 හැවිරිදි චීන තායිපේ ජාතිකයා සිය අත්දැකීම්වලින් මෙන්ම විරේන්ගේ වෙහෙසෙන් ද උපරිම ප්‍රයෝජන ලබා ගන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

ආතල් 21 වැනිදා!

උපාලි කොළඹගේ ආතල් 21වැනිදාට තව ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩු පක්ෂය...

ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් සිය පුරවැසියන්ට උපදෙස්!

කොළඹ LNW:චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය චීන සංචාරකයින්ට නුදුරු...