පාතාලය වර්ධනය වුණේ දේශපාලන රැකවරණය නිසා ,ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ – ජනපති අනුර!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

අද (23) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණ ඇත. එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.

තවද, පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණයවෙලා තිබුණද, එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බවයි.

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් කියා සිටියේ,

“ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නැහැ. පාතාල කණ්ඩායම් එකිනෙකා අතර ගැටුම් නිර්මාණයවෙලා තියෙනවා. එය මහජනයාගේ පොදු ආරක්ෂාවට තර්ජනයක් වී නැහැ. නමුත් මෙම පාතල කණ්ඩායම් දීර්ඝ කාලයක සිට වර්ධනය වුණු විවිධ ක්ෂේත්‍රවලට, ආයතනවලට පැතිරිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ සබඳතාවයන්  විනාශකාරී ජාලයක් බවට වර්ධනය වෙලා තියෙනවා. අපි දැඩි උත්සාහයක් ගන්නවා මැඩපවත්වන්න. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. මේවා වර්ධනය වුණේ දේශපාලන රැකවරණය යටතේ. දැන් දේශපාලන රැකවරණය නැහැ. අනෙක් පැත්තෙන් අපිට සමහර තොරතුරු ලැබෙමින් තිබෙනවා අපි ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරලා තිබෙනවා.  මේවා හුදු පාතාල කල්ලි තව කල්ලියක් එක්ක ගැටුමක් ද, මේ පිටුපස කවරහෝ හස්තයක් විසින් මේ සියල්ල ඒකාබද්ධ කර මෙහෙය වනදවාද කියන සැකය ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කරලා තිබෙන්නේ.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...