Mulhouse නගරයේ පිහි ඇනුමක්: පුද්ගලයෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රංශයේ Mulhouse නගරයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. නැගෙනහිර ප්‍රංශයේ Mulhouse නගරයේදී සිදුවූ මෙම පිහි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කරන්නේ, පිහි ඇනුම් සිදුකළ 37 හැවිරිදි ඇල්ජීරියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය යටතේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. තුවාල ලැබූ පොලිස් නිලධාරීන් 3 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ට පිහි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ එයට මැදිහත් වූ 69 හැවිරිදි පෘතුගාල ජාතිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුගේ නම ප්‍රංශයෙන් පිටුවහල්  කිරීමේ ලැයිස්තුවකට ඇතුළත්ව පවතින බවද අනාවරණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...