සුගතදාසය දිරි දිය යුතු, රටට සල්ලි ගේන බැඩිමින්ටන් ඉසව්වක් සමතලා කරන වෑයමක

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 23,(LNW)කොළඹ :

අත පේන මානයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලි දෙකකට සූදානම් වෙමින් ඇත.විදේශිය ක්‍රීඩක කීඩිකාවන් විශාල පිරිසක් සමග රටේ ආර්ථිකයේ ප්‍රගමනයට වැදගත් වන සැළකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ද මෙහිදී රටට ලැබීමට නියමිත බව පැහැදිළිය. එහෙත් මේ වන විට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය සඳහා සහනයක් ඉල්ලා සිටි ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත සහනයක් දීම වෙනුවට විදේශ ක්‍රීඩකයන්ද සහභාගි වන ජාත්‍යන්තර තරගාවලියක් බැවින් සාමාන්‍ය දෛනික ගණනටත් වැඩි ගණනක් අය කරන්නට තීරණය කර ඇත.


මේ තත්ත්වය නිසා රටට විශාල වශයෙන් කීර්තිය සහ ආර්ථිකයට සහයෝගයක් ලැබෙන තරගාවලි දෙක පැවත්වීමේ දුෂ්කරතාවයකට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මුහුණ දී ඇත.රටට ආර්ථිකයට ක්‍රීඩාවට ශක්තියක් වන ව්‍යායාමයකදී එම ක්‍රීඩා පරිපාලනයට උපරිම සහයෝගය සහ සහය ලබා දී කටයුතු කළ යුතු වුව ද,මේ මොහොතේ රාජ්‍ය පාර්ශවය නියෝජනය කරන සුගතදාසයෙන් ලැබී තිබෙන ප්‍රතිචාර නිසා තරගාවලිය පැව්තවීමට නොහැකි වී රටට අපකීර්තිය ඉතුරු වේද යන සැකය ඉතිරිව ඇත.


මේ වෙනුවෙන් රටේ ක්‍රීඩාව හරහා රටේ ආර්ථිකයට ශක්තියක් වන ව්‍යායාමයන් සඳහා දිරි දීම සඳහා රාජ්‍ය අංශයෙන් විශාල සහයෝගයක් අවශ්‍යය වන්නේය.රටේ ර්‍කීඩාවේ ඉදිි අභියෝග ජය ගන්නට සහයවන පසුබිමක් ලෙස රාජ්‍යය මැදිහත්වීම සිඳු කළ යුතු අතර,එය නොමිලේ වීමට වඩා යම් කිසි සහනදායි ක්‍රියාවලියක් තුළ සිඳු වීම වැදගත්ය.ලංකාවේ ක්‍රීඩාවට,සංචාරක ව්‍යාපාරයට අතිශයින් වැදගත් තරගාවලියක් හකුලා දැමීමට ක්‍රීඩාවේ රාජ්‍ය අංශයෙන් මැදිහත් වී බාධා කරන කටයුත්තක් සිඳුවන්නේනම් ඒ තත්ත්වය ගැන වෙනම අධ්‍යයනය කළ යුතුය.


මේ වන විටත් නාමල් රාජපක්ෂලා වෙනුවෙන් රටට අවැඩක් වෙන තීරණ ගැනීම සඳහා ක්‍රීඩාවේදී කටයුතු කළ පිරිස් උපායශීලීව ක්‍රිඩා ඇමතිතුමාට උපදෙස් දෙන්නට පසුපසින් සිටුවන්නට කටයුතු කර ඇති අතර,මේ සම්බන්ධයෙන් ක්‍රිඩා ඇමතිවරයාට වාර්තා කරන ලද කරුණු ඔහු අතට පත් වී ද නැද්ද යන්න හෝ දැන ගන්නට නැත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලැබී නැති බැවින්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...