නරේන්ද්‍ර මොදිගේ කෙන්-බෙට්වා ගංගා ව්‍යාපෘතියට මාධ්‍ය ඉන්දියාවේ බලවත් විරෝධය

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍ය ප්‍රදේශ්හි කෙන් ගඟේ සිට අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බෙට්වා ගඟ දක්වා උමං මාර්ග, ඇළ මාර්ග සහ වේල්ලක් හරහා අතිරික්ත ජලය ගෙන ඒමට අපේක්ෂා කරන ගංගා වියාපෘතිය වෙනුවෙන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්වාසීන් දහස් ගණනක් සිය විරෝධය දක්වන බව වාර්තා වේ.

නමුත් වේල්ලේ ජලාශය ඉදිකිරීම සඳහා අවම වශයෙන් ගම්මාන 10 ක් පමණ ජලයෙන් යටවනු ඇති අතර තවත් ගම්මාන 11 ක් ඇළ ඉදිකිරීම සඳහා අවතැන් වනු ඇති අතර එමඟින් පවුල් 7,000 කට වැඩි සංඛ්‍යාවක් පීඩාවට පත්වන බව වාර්තා වේ. වැඩි දෙනෙක් වනාන්තර අද්දර ජීවත් වන සහ ජීවනෝපාය සඳහා ගොවිතැනෙන් යැපෙන ස්වදේශික ගොන්ඩ් සහ කෝල් ගෝත්‍රවලට අයත් වන අතර දහස් ගණනක් විරෝධත්වයට එක්වෙමින් සඳහන් කර තිබුණේ, සිය භුමිය මෙන්ම ජිවනොපයන්ද අහිමිව යන බවත්, අනාගතය සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය.

1980 ගණන්වල ජල සම්පත් සංවර්ධනය සඳහා වූ ඉන්දියාවේ ජාතික ඉදිරිදර්ශන සැලැස්ම යටතේ වෙන් කරන ලද එවැනි ගංගා සම්බන්ධ කිරීමේ ව්‍යාපෘති 16 න් පළමුවැන්න වන මෙම කෙන්-බෙට්වා ව්‍යාපෘතිය, රුපියල් බිලියන 440 ක (ඩොලර් බිලියන 5.06; පවුම් බිලියන 4.05) අයවැයක් සහිතව 2030 දී අවසන් වූ පසු හෙක්ටයාර මිලියන 1.06 කට ජලය සැපයීමටත්, මිලියන 6.2 ක ජනතාවට පානීය ජලය සැපයීමටත්, ජල විදුලිය සහ සූර්ය බලශක්තිය මෙගාවොට් 130 ක් ජනනය කිරීමට අරමුකු කරගෙන අගමැති නරේන්ද්‍ර මෝදි විසින් එහි ඉදිකිරීම් සඳහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මුල්ගල තබන ලදී.

මෙම ව්‍යාපෘතිය මඟින් ශුෂ්ක දේශගුණය සහ අනපේක්ෂිත වර්ෂාපතන රටා හේතුවෙන් දශක ගනනාවක දිළිඳුකමට සහ ඌන සංවර්ධිතභාවයට තුඩු දී ඇති මධ්‍ය ප්‍රදේශ් සහ උත්තර් ප්‍රදේශ්හි කොටස් ඇතුළත්, නියඟයෙන් පීඩාවට පත් බුන්දෙල්ඛාන්ද් ප්‍රදේශයට උපකාර කිරීම අපේක්ෂා කෙරේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...