රඹුක්කන අලගල්ල රක්ෂිතය ගිනිතැබීම හේතුවෙන් 7 ක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ (LNW):

ඊයේ (23) පස්වරුවේ රඹුක්කන අලගල්ල රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත. ඔවුන් එසේ යනවිට මෙම ගිනි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් පොලීසියට භාරදීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම සැකකරුවන් අලගල්ලකන්ද රක්ෂිතයට අයුතු ලෙස ඇතුළුවී මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකෙරෙන විමර්ශනවලින් හෙළිව තිබෙන අතර,සැකකරුවන් 7 දෙනා 18,  19 වයස්වල පසුවන කඩුගන්නාව,  පිළිමතලාව,  හන්දෙස් සහ බලන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව රඹුක්කන පොලීසිය පවසයි.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදමා තිබෙන අතර, නල්ලතන්නිය ලක්ෂපාන වතු යාය ආශ්‍රිත රක්ෂිතයේ ද ගින්නක් හටගෙන ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.ලක්ෂපාන වතු යායේ පදිංචිකරුවන් සහ පොලීසිය එක්ව එම ගින්න වතුයාය දෙසට පැතිරීම වළක්වාගෙන තිබෙන අතර, වෙතත් රක්ෂිතයේ ඉහළ කොටසේ ගින්න පැතිර යමින් පවතින බව වාර්තාවේ. එම ස්ථානයට ළඟාවීමට අපහසු බැවින් ගුවන් හමුදා සහායෙන් ගින්න මැඩපැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...