මාරිස්ටෙල්ලාට ආයෙමත් දුවන්න ඕනිලු

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 24,(LNW)කොළඹ :

පාරමී වසන්ති මාරිස්ටෙල්ලා ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල වටිනාකමක් එකතු කළ ක්‍රීඩිකාවකි.2018 දී ආර්ජෙන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හී පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේදී ඇය මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනුවාය.දුර පේන ජයග්‍රහණ දිහා වගකීමෙන් බැලූ සීමිත අවස්ථා අතරේ එම අවස්ථාව වගකීමෙන් බැලූ එක් අවස්ථාවකි.


එහෙත් ඇය මෙන්ම ඇයගේ පවුලද විටෙක රන් බිත්තර දාන හංසයාම මරා ගන්න තැත් කළේ ද යන්න සැක සිතෙන තරමට හැසිරුණු බවක් දකින්නට ලැබිණ.ඒ වන විටත් ඇය වෙනුවෙන් විශේෂඥ පුහුණුකරුවෙක් පවා විදේශයෙන් කැඳවා තිබිණ.දිනූ පදක්කමට වඩා ඉදිරියේදී පදක්කම් දිනන්නට ඇයව සූදානම් කරන්නට කැප වුණ මොහොතක ඇය නිහඬ විය.ධිවර කටයුතුවලට ගිය ඇයගේ පියා අත් අඩංගුවට පත්වීම ඇතුළු ගැටළු ගණනාවක්ද පැන නැඟිණ.


ඇය ඒ දක්වා පුහුණු කළ පුහුණුකරු ජනිත් ජයසිංහ ඇයට අමතකම විය.එවැනි අයහපත් සිඳුවීම් ගණනකාවක් සමඟ පාරමී ගැන පාරමී පිරූ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවට ඇය අමතක වෙන්නට පෙර ඇය අමතක කළාය.මේ රටින් බොහෝ පහසුකම් එක පදක්කමකින් උපයා ගන්නට සමත් වූ පාරමී දැන් යළිත් ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් දුවන්නට සූදානම් බව කියන බව සැළ වේ.ඒ සඳහා ඇය මාර්ගය සකස් කර ගන්නට උත්සාහ කරමින් සිටින්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් ආසන්නයේ නම ඇසෙන වෛද්‍යවරයෙකු යටතේ බවත් සැළවේ.


පාරමීට වඩා රටට කීර්තිය ගෙනා ධාවකයෙක් වන සුගත් තිලකරත්න වැන්නෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියට සිටියදී පාරමී වසර හතකට පසුව දුවන්න සැරසීමේදී ඇය මග හැරුණු පාඩම් සියල්ල එකවර ආවරණය කර ගන්නේ කෙසේද යන්න ගැඹුරින් සිතා බලනු ඇත.එය කළ නොහැකි දෙයක් වන තරමටම දුෂ්කර වෑයමකි.ඒ නිසා ඇය දැන් දුවනවානම් ප්‍රවේශය සිඳු විය යුතු වන්නේ නවක ක්‍රීඩිකාවකගේ හැඩයෙන්මය. දීවීමෙන් පසුව හිමි වන ජයග්‍රහණවල පරිමාවේ තරමට සළකනු විනා එක්වරම ඇය ඔලිම්පික් බලාපොරොත්තුවක් ලෙස සිතා පිළිගැනීම තාර්කික නැත.ඇය ලැබෙන වරප්‍රසාද සහ ආධාර රට ගැන වගකීමෙන් භාවිතා කළ බවට ද වැදගත් සාක්ෂි නොමැති බැවින් ඇයගේ දක්ෂතා ඉතාමත් අවධානයෙන් මතු කර ගැනීම වැදගත්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...