රට පාලනය කරන්න ඕන විදිහ රවී ආණ්ඩුවට උගන්වයි! (VIDEO)

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන හැමදෙයකටම නැටීමේ අවශ්‍යතාවක් නොමැති බව තමන් අද පමණක් නොව මුදල් අමාත්‍යවරයෙකුව සිටියදීද ප්‍රකාශ කර තිබෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් පැවසුවේය.

IMF එකට හැමවිටම අවශ්‍ය වන්නේ රටවල හිඟමනෙන්ම ගෙන යාම මිස සංවර්ධන මාවතට ගැනීම නොවන අතර IMF උදව් ඇතිව සාර්ථකව ගොඩ ආ රට කොරියාව පමණක් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

වියදම් අඩුකරන අවට වත්මන් රජය පැවසුවද එසේ සිදුව නැති බවත් කියන විට කෙසේ පැවසුවද ප්‍රායෝගිකව කටයුතු කිරීමේදී එවැනි සැබෑ ගැටළු පැනනගින බව හෙතෙම සඳහන් කරන ලදී.

මේ අතර වියදම අඩුකිරීමට රජය ගෙන තිබෙන ඇතැම් ක්‍රියාමාර්ග ද පලක් නැති අතර ඒවා සංවර්ධන ක්‍රියාවලියට යොදාගත හැකි බව රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

උදාහරණයක් ලෙස කථානායක නිල නිවස වසා දමා තිබීමෙන් විශාල ආර්ථික වාසියක් නොමැති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එමෙන්ම රටේ පරිපාලනය ගෙන යා යුත්තේ ජනාධිපති කාර්යාලයෙන් මිස පැලවත්ත කාර්යාලය නොවන බවද තමන් සිහිපත් කරන බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවට “රුසෝෆෝබියාව” ඇති බවට පෝලන්තයෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 'පෙර නොවූ විරූ...

චීනය නැවතත් ජපන් මුහුදු ආහාර ආනයනය තහනම් කරයි:රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් ගිය දුරක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දෙරට අතර රාජ්‍ය...

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...