සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 25,(LNW)කොළඹ :
තම රජය විසින් පත් කළ අයෙකු වුව වැරදි බව ඔප්පු වුවහොත් ඔවුන්ව ඉවත් කරන්නට කිසිසේත්ම නොපැකිළෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවා.අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සිය වගකීම් භාර ගැනීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශ ඩනක්න් වයිට් ශාලාවේ දී මාධ්‍යවේදීන් සමග සුහද සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ ජාතික ක්‍රීඩා සභාව වැනි සංයුතීන් වඩාත් හොඳ පිරිසකගෙන් සමන්විත කිරීම අමාත්‍යංශයේ අරමුණ වූ බවත්,ඇතැම් කරුණු අනුව ඒ අතර යම් යම් අඩු ලුහුඩුකම් තිබිය හැකි අය සිටිය හැකි බවත්ය.ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ සියයට සියයක් හොඳ පිරිස සොයා ගැනීම අසීරු කාරණයක් බවය.ඔවුන් සිටියේ කුමන දේශපාලන කණ්ඩායමක් සමඟ ද යන්න සළකා බැලිය නොහැකි බව කී අමාත්‍යවරයා තමන් මැතිවරණයට ඉදිරිපත් වන තිබුණේ සියයට තුනක ජන මතයක් පමණක් බවත්,තමන්ට ලැබුණු අන් සියළුම ඡන්ද වෙනත් පක්ෂවලට ඡන්දය දුන් පිරිසගෙන් ලැබුණ බවත් පැවසීම රජයේ බොහෝ දේශපාලකයන්ට හොඳ සිහි කැඳවීමක් කළ වැදගත් ප්‍රකාශයක් ලෙස ගත හැකිය.
ඉතා සුහදශීලි සාකච්ඡාවක් වුව ද,අමාත්‍යවරයා ඇතැම් කාරණාවලදී තමන්ට මේ මොහොතට අදාළව ලැබුණු දැණුම මතම සාජුව පිහිටා කටයුතු කරන බව සපත කළ අවස්ථාවන්ද තිබිණ.ඒ අවංකභාවය වැදගත් වුව බොහෝ විට අමාත්‍යවරයාම කී අර බිදී ආ හෝ බිදුණු බව පෙන්වන කණ්ඩායම් අතරෙන් එන පෙර විනාශය හා සබැඳි කාරණාවන් එහි ඇතුළත් වන බව එම තර්ක හරහා පැහැදිළි කර ගැනීම අපහසු නොවීය. ඒ කියවා ගැනීම වැරදි බවට තේරුම් ගැනීමට තව කාලයක් ගත වනු ඇත.එහෙත් අමාත්‍යවරයා පවසන පරිදි ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යේදී වටහා ගැනීමේ කාලයේ පමාව ක්‍රීඩාවට ගැටළු ඇති කරන තත්ත්වයකට සේන්දු විය හැකිය.
එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී මේ වන විට චෝදනා එල්ලවන ඇතැම් පුද්ගලයින් සහ සිඳුවීම් ගැන මෙන්ම ක්‍රීඩා පණතද ජාතික නව බලවේග ප්‍රතිපත්තිවල තිබුණු පරිදිම ඉදිරියේදි වෙනස් වනු ඇති බවය.මෙහිදී මාධ්‍ය මඟින් බොහෝ කරුණු ඉදිරිපත් වූ අතර ෙම් බොහෝ කරුණු බොහෝ ක්‍රීඩා අමාත්‍යවරු වෙත මෙන්ම බොහෝ ආණ්ඩුවලටද දන්වා සිටි කරුණු විය.අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ද ඒ සියල්ල ලකුණු කර ගත් අතර ඉදිරියේදී ඒවා ක්‍රියාත්මක වන්නේද යන්න මාධ්‍ය විමසිල්ලෙන් බලා සිටිනු ඇත.
නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පෙන්වා දුන්නේ ජයග්‍රහණවලටම සීමා නොවී ක්‍රීඩා සංස්කෘතියක් මෙරට ඇති කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ වගකීම බවය.ආර්ථිකය වශයෙන් මෙන්ම සංචාරක කර්මාන්තයට ද ක්‍රීඩාවේ සහය ලැබෙන පරිදි ව්‍යහුයමය වෙනස්කමක් කිරීමේ සැළසුමක් රජය ඇතුළේ සාක්චඡාවට ගැනෙමින් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
