අපි ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ලංකාවේ ඉහළම ශ්‍රේණි 10 අතරට ගෙනාවා – හරිනි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැයෙන් සිදුකළ වැටුප් වැඩිකිරීමත් සමග ජාතික ජන බලවේගය පොරොන්දු වූ ආකාරයටම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ශ්‍රේණි මෙරට ඉහළම වැටුප් ශ්‍රේණි 10 අතරට රැගෙන පැමිණි බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

“සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට මුදල් ප්‍රමාණය වැඩිකරලා තියෙන්නෙ. බෙහෙත්වලට වැට් එකක් එකතු කරලා කියලා දිගින් දිගටම කියනවා, බොරුනෙ කියන්නෙ. බෙහෙත්වලට වැට් එකක් නෑ. එක මන්ත්‍රීවරයෙක් කියනවා ඇහුණා අපි පොරොන්දු වෙලා තියෙනවා ගුරුවරුන්ගෙ වැටුප් ඉහළම ශ්‍රේණි 10 අතරට ගේන්න, ඒක වෙලා නැහැ කියලා. ඒක වෙලා තියෙනවා. මේ පඩි වැඩිවීමත් සමග විදුහල්පතිවරුන් දැන් ඉහළම ශ්‍රේණි අතරින් 07 වෙනි තැන. ගුරුවරුන් 08 වෙනි තැන. වැඩිම වැටුප් 10 ඇතුළට අපි ගෙනල්ලා තියෙන්නෙ”

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 25) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...