අද රට පාලනය කරන්නේ රටේ සකලවිධ ආරක්ෂාවන් කෙළසන රජයක් – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුව හැම අතකින්ම රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“අපේ රටේ ජාතික ආරක්ෂාව අනතුරට පත්කරන පාලනයක් අද තියෙන්නෙ. ජාතික ආරක්ෂාව යනුවෙන් අපි විශ්වාස කරනවා ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආගමික, සංවර්ධනමය, ඒ වගේම රටක ඒකීයභාවය සුරක්ෂා කරන ආරක්ෂාවක්. මිලිටරි ආරක්ෂාවක්. ඇත්ත වශයෙන්ම ඒ වගේ සකලවිධ නිර්වචනයකට නොයා මේ හැම අතකින්ම රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන රාජ්‍ය පාලනයක් අද තියෙන්නෙ. අධිකරණය තුළ ඝාතන සිදුවෙන, මැර කණ්ඩායම් පාතාල කණ්ඩායම් රජයන, යුක්තිය සාධාරණත්වය ඉෂ්ට නොවන, කැලෑ නීතිය ක්‍රියාත්මක වන, ඒ වගේම ජාතික ආරක්ෂාවේ අනෙකුත් කොටස් – ආර්ථික ආරක්ෂාව, සමාජයීය ආරක්ෂාව, සංවර්ධනමය ආරක්ෂාව, ජීවනෝපායකට තියෙන ආරක්ෂාව, ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ආරක්ෂාව, මේ සකලවිධ ආරක්ෂාවන් සම්පූර්ණයෙන්ම කෙළෙසන රජයක් අද රට පාලනය කරනවා. විපක්ෂයේ අපි සියලු දෙනා රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් අපට කරන්නට පුළුවන් ඉහළම ඉදිරිපත් වීම අපේ පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ අය වෙනුවෙන් කටයුතු කිරීම අපි ඉෂ්ට සිද්ධ කරනවා”

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 25) පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...