අද රට පාලනය කරන්නේ රටේ සකලවිධ ආරක්ෂාවන් කෙළසන රජයක් – විපක්ෂ නායක සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ආණ්ඩුව හැම අතකින්ම රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“අපේ රටේ ජාතික ආරක්ෂාව අනතුරට පත්කරන පාලනයක් අද තියෙන්නෙ. ජාතික ආරක්ෂාව යනුවෙන් අපි විශ්වාස කරනවා ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතික, ආගමික, සංවර්ධනමය, ඒ වගේම රටක ඒකීයභාවය සුරක්ෂා කරන ආරක්ෂාවක්. මිලිටරි ආරක්ෂාවක්. ඇත්ත වශයෙන්ම ඒ වගේ සකලවිධ නිර්වචනයකට නොයා මේ හැම අතකින්ම රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන රාජ්‍ය පාලනයක් අද තියෙන්නෙ. අධිකරණය තුළ ඝාතන සිදුවෙන, මැර කණ්ඩායම් පාතාල කණ්ඩායම් රජයන, යුක්තිය සාධාරණත්වය ඉෂ්ට නොවන, කැලෑ නීතිය ක්‍රියාත්මක වන, ඒ වගේම ජාතික ආරක්ෂාවේ අනෙකුත් කොටස් – ආර්ථික ආරක්ෂාව, සමාජයීය ආරක්ෂාව, සංවර්ධනමය ආරක්ෂාව, ජීවනෝපායකට තියෙන ආරක්ෂාව, ජන ජීවිතය ශක්තිමත් කිරීමේ ආරක්ෂාව, මේ සකලවිධ ආරක්ෂාවන් සම්පූර්ණයෙන්ම කෙළෙසන රජයක් අද රට පාලනය කරනවා. විපක්ෂයේ අපි සියලු දෙනා රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් අපට කරන්නට පුළුවන් ඉහළම ඉදිරිපත් වීම අපේ පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ අය වෙනුවෙන් කටයුතු කිරීම අපි ඉෂ්ට සිද්ධ කරනවා”

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 25) පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ: මොඩියුලර් ගැන නවතම තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දෙවැනි සහ තෙවන පාසල් වාරවලට අදාළ මොඩියුලර්...

අමරිකාවෙන් මෙරටට ලැබෙන අපූරු ප්‍රදානය!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අමෙරිකා එක්සත් ජනපදය...