බස්නාහිර පළාත් අලුත් සහල් මංගල්‍යය මෙවර කහතුඩුව වෙනිවැල්කොළ දී!

Date:

කොළඹ LNW:බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කරන 2024/25 මහ කන්නයේ අලුත් සහල් මංගල්‍යය මෙවරක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කහතුඩුව වෙනිවැල්කොළ ග්‍රාමයේ වේරගොඩ වෙල්යාය ආශ්‍රිතව පැවැත්වීමට තෝරාගෙන ඇතැයි හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතා පවසයි.

මාර්තු 28 29 දෙදින පැවැත්වෙන මෙම අලුත් සහල් මංගල්‍යය අදාල චිරාගත සම්ප්‍රදායකූල සියලු චාරිත්‍ර වාරිත්‍ර අනුව ඉටු කිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේ පසුගියදා (23) මේ පිළිබඳව වෙනිවැල්කොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ පැවැති ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිත හමුවේදීය.

ඒ අනුව අලුත් සහල් මංගල්‍ය පෙරහැර,දේව දානය,සර්ව රාත්‍රික ගම්මඩු යාග කර්මය,කිරිඅම්මාවරු දානය,ගරායක් ශාන්ති කර්මය සහ සෙසු පරිවාර පූජා චාරිත්‍රයන් ඉටු කිරීමට නියමිත බව සංස්කෘතික නිලධාරිනී තිසාරා කෝට්ටගේ මහත්මිය පැවසුවාය.

තවද කොළඹට තදාසන්නයේ පිහිටි වෙනිවැල්කොළ‍ ග්‍රාමය තවමත් සාම්ප්‍රදායික වී සහ ගොඩ බෝග කෘෂිකර්මාන්තයේ නිරත ගොවින් විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක් බවත්, බස්නාහිර පළාත් ජාතික අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමට වෙනිවැල්කොළ ග්‍රාමය තෝරා ගැනීම සතුට කරුණක් බවය.

අක්කර 160ක පමණ පැරණි කුඹුරු ගොවිතැන් කරන වෙනිවැල්කොළ ග්‍රාමයේ සාම්ප්‍රදායික ගොවීන්150 වඩා සාමාජිකත්වය දරන තම ගොවි සංවිධානය තම ග්‍රාමයේ මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත්වීම ගමට විශාල ආශිර්වාදයක් බව අමා ගොවි සංවිධානයේ ලේකම් නිලාන් අනෝජ් අමරතුංග මහතා පැවසීය.

අමා ගොවි සංවිධානය,කාන්තා ගොවි සංවිධානය,හදබිම අධිකාරියට අනුබද්ධ කාන්තා සංවිධාන,විහාරස්ථ දායක සභාව සහ තරුණ සංවිධානය ඇතුළු ප්‍රදේශය සංවිධාන රැසක් මෙම අලුත් සහල් මංගල්‍යය සාර්ථක කර ගැනීමට සිය සහයෝගය ලබාදීමට මෙහිදී ඉදිරිපත්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...