*
Thursday, February 27, 2025
spot_img

Latest Posts

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නව ව්‍යවස්ථාවක් සම්පාදනය වෙනුවෙන් වේදිකාව සකසයි!

කොළඹ LNW: නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව නව රජය විසින් පෙන්වා දී තිබෙන අතර ඊට ඌණ පූරණයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයද රට වටා යමින් මහජන අදහස් ලබාගනිමින් ඊට අවශ්‍ය වේදිකාව සකස් කරමින් පසුවෙයි.

ඒ සඳහා වන පහසුකම් සැපයීමක් ලෙස පසුගිය 25 වැනිදා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් කොළඹදී සම්මන්ත්‍රණයක් කැඳවා තිබුණි.

”ජාතික අපේක්ෂාවන්ට අනුගතව,ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කරන ආණ්ඩුක්‍රමයක්” නමින් එම සම්මන්ත්‍රණය පැවැත්විය.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් රටට් ඔබින ජනතාවට එකමුතු විය හැකි ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන රටේ සැලකිය යුතු ජන මතයක් ගොඩනැගී ඇති බව එහිදී අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

ජනාධිපතිවරණයට පෙර ඒ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ පාහේ රටට පොරොන්දුවක් දී තිබෙන අතර විශේෂයෙන් වත්මන් රජයට ඒ සම්බන්ධ විශේෂ ජාතික වගකීමක් පැවරෙන බවයි එහිදී කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ.

උතුර,දකුණ භේදයකින් තොරව ඒ වෙනුවෙන් වූ අපේක්ෂාවකින් පසුවන බව හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ඊට අවශ්‍ය සහය දීමට සිවිල් සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මැදිහත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට පසුගියදා අමාත්‍ය විජිත හේරත් මහතාද ප්‍රකාශ කළ අතර ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීමටද කටයුතු කරන බවට කළ තහවුරු කිරීමද එම ක්‍රියාවලිය වෙනුවෙන් වූ හොද ප්‍රවණතාවක් බවයි හිටපු කථානායකවරයා පැවසුවේ.

මෙහිදී උතුරු නැගෙනහිර ජනතාව මෙන්ම මව්බිමට ආදරය කරන විදෙස් ඩයස්පෝරා ද ඒ ගැන අපේක්ෂාවෙන් පසුවන බව පැවසූ කරු ජයසූරිය මහතා තවදුරටත් පැවසුවේ හිමාලයා සම්මුතිය හා ග්ලෝබල් ටැමිල් ෆෝරම් වැනි බලවත් සංවිධානද නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන සුභවාදීව කතා කරමින් පසුවෙන බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan