හිටපු කථානායක ගහපු ගැහිල්ල කොහොමද? තුට්ටු දෙකේ පොරවල් ගැන කියමින් බිමල් අදත් සභාව රත්කරයි!(VIDEO)

Date:

කොළඹ LNW:2024 ජනවා 01 සිට සිට සැප්තැම්බර් මස 24 දක්වා කාලය තුළ හිටපු කථානායකවරයා වාහන 09ක් භාවිතා කර ඇති අතර ඒ සඳහා ඉන්ධන පිරිවැය පමණක් රු. ලක්ෂ 334ක් බව අද (27) පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා අනාවරණය කර සිටියේය.

ඒ අනුව මාසයකට රු. ලක්ෂ 40කට අසන්න මුදලක් හිටපු කථානායක ඉන්ධන සඳහා භාවිතා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු නියෝජ්‍ය කථානායකවරයා වාහන 06ක් භාවිතා කර ඇති අතර ඔහු වෙනුවෙන් එම මාස 09 තුළ ලක්ෂ 135ක ඉන්ධන පිරිවැයක් දරා ඇති බවද අද අනාවරණය විය.

හිටපු කථානායකවරයාට මසකට රු. ලක්ෂ 40කට අසන්න ඉන්ධන බිලක් වෙන වුවද වර්තමාන කථානායකවරයාගේ මසක ඉන්ධන බිල දෙලක්ෂ දහඅටදාහක් බවද බිමල් රත්නායක මහතා සඳහන් කරන ලදී.

එනෙම වර්තමාන නියෝජය කථානායකවරයාගේ මසක ඉන්ධන පිරිවැය ලෙස වාර්තා වී ඇත්තේ රු. 23000ක් වන අතර නියෝජ්‍ය කාරක සභා සභාපතිනියට මසකට වැයවී ඇති ඉන්ධන වියදම රු. 81,000ක් ලෙස දැක්වෙන අතරම හිටපු පිරිස් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන ගොස් ඇත්ද යන්න සොයා බැලීමට සිදුවන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මේ අතර 2023 වසරේ කථානායක නිල නිවසේ කෑම වියදම සඳහා රු.ලක්ෂ 26ක පිරිවැයක් රජය දරා ඇති අතර 2024 දී එය ලක්ෂ 32ක් ලෙස වාර්තා වී තිබෙන බවද බිමල් රත්නයක මහතා අනාවරණය කළේය.

එමනක් නොව හිටපු කතානායක,නියෝජ්‍ය කථානායක වැනි අය පාර්ලිමේන්තුවට අයත් ආහාර අමුද්‍රව්‍ය පවා ඉතාම නින්දිත ලෙස බිල් යොදා නිවෙස් වෙත රැගෙන ගොස් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...