වෙඩි වැදී දැරියක් මරුට. මිත්තණියත් රෝහලේ !

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 27) රාත්‍රියේ වෙඩි වැදුණු කාන්තාවක් සහ දැරියක් රෝහල්ගත කර ඇති අතර එහිදී දැරිය මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේම පදිංචි 09 හැවිරිදි දැරියකි.

මෙම දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්දය ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුකළ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...