වෙඩි වැදී දැරියක් මරුට. මිත්තණියත් රෝහලේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (පෙබරවාරි 27) රාත්‍රියේ වෙඩි වැදුණු කාන්තාවක් සහ දැරියක් රෝහල්ගත කර ඇති අතර එහිදී දැරිය මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේම පදිංචි 09 හැවිරිදි දැරියකි.

මෙම දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්දය ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීම සිදුකළ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

හෙට්ටිපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...