චීන – රුසියා සබඳතා පළුදු කිරීමේ ඇමරිකාවේ කුමන්ත්‍රණ අසාර්ථකයි – චීනය

Date:

කොළඹ LNW:චීන – රුසියා සබඳතා පළුදු කිරීම සඳහා ඇමරිකාව සිදුකරන කිසිදු කුමන්ත්‍රණයක් සාර්ථක නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(27) එරට පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී චීන -රුසියා සම්බන්ධතාව කෙරෙහි කණස්සල්ල පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබෙනවා.

විශාල රටවල් දෙකක් වන චීනය හා රුසියාව අතර ශක්තිමත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකත් පවතින අතර ඊට කිසිදු තෙවන පාර්ශ්වයක බලපෑම් එල්ල නොවන බවයි චීනය පවසන්නේ.

චීනය හා රුසියාව අතර සංවර්ධන උපායමාර්ගයන් හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති දිගුකාලීන දැක්මකින් යුතු අතර ජාත්‍යන්තර තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වුවද චීන-රුසියා සබඳතාව ස්ථාවරව ඉදිරියට ගමන් කරන බව Lin Jian මහතා ප්‍රකාශ කර සිටියා. එබැවින් චීනයත් රුසියාවත් අතර අමනාපයන් ඇති කිරීම සඳහා ඇමරිකාව සිදුකරන කිසිදු කුමන්ත්‍රණයක් සාර්ථක නොවන බවයි චීනය පවසන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...