සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ (LNW):

මෙවර (2024/2025) අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 මාර්තු 17 වැනිදා ආරම්භ කර මාර්තු 26වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ,මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇති බවයි.

ප්‍රවේශපත්‍ර නොලැබුනු අයට මාර්තු 07වැනිදා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තම ප්‍රවේශපත්‍රය බාගත කර ගැනිමට පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.

විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, ප්‍රවේශපත්‍රවල විෂය,මාධ්‍ය හා නාම සංශෝධන කිරීමට අවශ්‍යනම් එය මාර්තු 10වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට සිදුකර ගත යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...