‘ඔබ සුදු කෙලියේ මිලියන ගණනක ජිවිත සමඟ, වහාම ධවල මන්දිරයෙන් පිටවෙන්න’ අසාර්ථක සාකච්ජා අවසානයේ ට්‍රම්ප් සෙලෙන්ස්කිට කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් දෙරට අතර බිලියන 500 ක් වටිනා ගිවිසුමක් අත්සන් කිරීමට පැමිණි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි හා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ සාකච්ජා විනාඩි 10න් බිඳ වැටීම හේතුවෙන් සෙලෙන්ස්කි වහාම ධවල මන්දිරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ,

සාමය සඳහා මාවත සහ සෞභාග්‍යයේ මාවත සමහර විට රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලීම බව උප ජනාධිපති ජේ. ඩි. වෑන්ස් සඳහන් කිරීමත් සමඟ යුක්රේන ජනාධිපති මොන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් ගැනද ජේ.ඩී. ඔයා කියන්නේ? මොකක්ද ඔයා කියන්නේ? යනුවෙන් ප්‍රශ්න කිරීමත් සමඟ සංවාදය උණුසුම් වූ අතර ඉන් අනතුරුව යුක්රේන ජනාධිපතිවරයා 2019 දී අසාර්ථක සටන් විරාමයක් ද ඇතුළුව වසර තුනකට පෙර එහි පූර්න පරිමාණ ආක්‍රමණයට වසර තුනකට පෙර රුසියාවේ ආක්‍රමණශීලීත්වය ගැන සඳහන් කරමින් කියා තිබුණේ, කිසිවෙකු ඔහුව නැවැත්තුවේ නැති බවත්, යුක්රේනය තනිව සිටි බවත්ය,

මෙයින් කෝපයට පත් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඔබ තනිව සිටියේ නැති බවත්, අපගේ මෝඩ ජනාධිපති ඩොලර් බිලියන 350 මිලිටරි හා වෙනත ආධාර ලබා දුන් බවත් , ඔබ සුදු කෙලියේ මිලියන ගණනක ජිවිත සමඟ බවත්, ඔහු ඇමරිකාවට අගෞරව කළ බවත්, මේ සටහ ඔහුට ජයග්‍රහණය කළ නොහැකි බවත්ය.

අනතුරුව වඩාත් උත්සන්න වූ සාකච්ජා වලින් අනතුරුව සෙලෙන්ස්කි ඔබ එක්කෝ ගනුදෙනුවක් කරන්න නැතිනම් අප යන බව පැවසීමත් සමඟ ට්‍රම්ප් සඳහන් කර තිබුණේ වහාම ධවල මන්දිරයෙන් පිටව යන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...