රජයේ ආයතන 52කින් කෝටි ගාණක ලාභයක්!

Date:

කොළඹ LNW:රජයේ ආයතන 52ක් 2024 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී රුපියල් කෝටි 42800ක ලාභයක් ලබා ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම රජයේ ආයතන 2022 වසරේ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 77400ක් බවද එහිදී හෙළිදරව් වී ඇත.

පසුගිය වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා කාලයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සැලකිය යුතු පාඩුවක් ලබා ඇති බවත් දඹුල්ල ප්‍රදේශයේ 2019 වසරේ ඉදිරි කිරීම ආරම්භ කළ තවමත් විවෘත කිරීමට නොහැකි වූ එළවළු සහ පළතුරු කල්තබාගත හැකි ශීතාගාර සහිත කෘෂිකාර්මික ගබඩාවේ ඉදිරි කටයුතු පිළිබඳව ද එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එහි සියලු වැඩ නිමකර ඇතත් ශීතකරණ මිලදී ගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම ව්‍යාපෘතිය පමාවී ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

ඉන්දියාවෙන් ලැබුණු ප්‍රදානයකින් ඉදිකර ඇති මෙම ස්ථානය ගොවීන්ගේ ප්‍රයෝජනයට ලබා නොදීම විශාල අපරාධයක් බැවින් ඒ සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස කාරක සභා සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා අවධාරණය කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...