ෆෙරායි ලයිෂන් තියෙන අය එල්බෝඩ්කාරයෝ එක්ක ඉන්නේ නැහැ – කොහොමද රනිල්ගේ කැපිල්ල!

Date:

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ සූදානමක් පවතින බවට පළවූ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ෆෙරායි ලයිෂන් තියෙන අය එල්බෝඩ්කාරයෝ එක්ක ඉන්න නැහැ යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයේදී තරුණ නීතිවේදී හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත එම කතාව කියා ඇත්තේ වික්‍රමසිංහ මහතා යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවෙන්නේද යන්න මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරක් ලෙසයි.

තමන් එය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයටද දැනුම් දුන් බව වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

රට බංකොලොත් වූ අවස්ථාවේ තමන් එම අභියෝගය භාරගෙන ඊට සාර්ථකව මුහුණ දීම ගැන නිහතමානී සතුටක්ද ඇති බවයි හිටපු ජනාධිපතිවරයා කියා ඇත්තේ.

කෙසේවෙතත් වික්‍රමසිංහ මහතා විපක්ෂය ඒකරාශී කිරීමේ කටයුත්තක නියැලී සිටින අතර මේ වන විට වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ කණ්ඩායම හමු කිහිපයක්ම පැවැත්විණි.

එහිදී විපක්ෂ කණ්ඩායම් වල අදහස වුණේ පොදු සතුරාට එරෙහිව විපක්ෂයේ වාද භේද නොසලකා එක්වෙමින් සිටින බවයි.

මේ අතර තාවකාලිකව අත්හිටුවා තිබෙන එජාප – සමඟි සාකච්ජාද සමඟියේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව යළි ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...