දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරුවීම් නොලැබීම නිසා පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් දුෂ්කරතාවන්ට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ (LNW):

දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාන මාරුවීම් නොලැබීම නිසා , උතුරු නැගෙනහිර පළාත්වල සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් දුෂ්කරතාවන්ට මුහුණපා සිටින බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් වසර තුනකට වරක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුට ස්ථානමාරු හිමි වුවද වසර තුනකට වඩා දීර්ඝ කාලයක් සේවය කරමින් සිටින ස්ථානාධිපතිවරුන් 30 දෙනෙකු පමණ උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථානවල සිටින බවද සඳහන් වේ.

සමහර ස්ථානාධිපතිවරුන් වසර 05ක පමණ කාලයක් ස්ථාන මාරුවීම් නොලැබ සිටින බවත්,මේ සම්බන්ධයෙන් මින් පෙර අවස්ථාවල ජාතික පොලිස් කොමිෂන් සභාව, පොලිස්පති ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට පැමිණිලි කළත් ඊට විසඳුමක් මෙතෙක් ගෙන නොමැති බවද වාර්තා වේ.

පසුගියදා, පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන්නද එහිදීද මෙම පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසට ස්ථාන මාරුවීම් නොලැබී ඇති බවයි වාර්තා වන අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් වත්මන් වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇති ,වැඩබලන පොලිස්පතිවරයා පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවයි .

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...