නිරිතදිග බොලිවියාවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක මාර්තු 02 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් නිරිතදිග බොලිවියාවේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැත. උයුනි සහ කොල්චානි අතර මාර්ගයේ අලුයම කාලයේදී මෙම අනතුර සිදු වූ අතර, මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවය.

විදෙස්ඩ් මාධ්‍ය වාර්තා කරන්නේ ,අනතුරට ලක්වූ එක් බස් රථයක් ලතින් ඇමරිකාවේ වැදගත්ම සැමරුමක් පැවැත්වෙන ඔරුරෝ සැණකෙළිය  වෙත ගමන් කරමින් තිබු බවයි.

කෙසේ වුවද අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ පිරිසගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණ කර නොමැත.අනතුරින් දිවි ගලවා ගත් රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකු මත්පැන් පානය කරමින් සිටිනු මගීන් දුටු බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරාන්තික රිය අනතුරු වාර්තා වන අතර සෑම වසරකම සාමාන්‍යයෙන් මරණ 1,400 ක් සිදු වේ.පොටොසි කලාපය කඳුකර කලාපයක් වීම සහ මාර්ග නඩත්තු කිරීම් නිසියාකාරව සිදු නොකිරීම ඊට හේතු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...