දළදා ප්‍රදර්ශනයට දින නියම කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විශේෂ දළදා ප්‍රදර්ශනය 2025 අප්‍රේල් 18 වනදා සිට ආරම්භ කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

“සිරි දළදා දැක්ම” නමින් මෙම දළදා ප්‍රදර්ශනය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට නියමිත ය.

දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 03.00 ආරම්භ කර ප.ව. 05.00 ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12.00 සිට ප.ව. 05.30 දක්වා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙසේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16 කට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියද පෙබරවාරි 24 වනදා දළදා වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙසේ විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශයට පත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...