දළදා ප්‍රදර්ශනයට දින නියම කෙරේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

විශේෂ දළදා ප්‍රදර්ශනය 2025 අප්‍රේල් 18 වනදා සිට ආරම්භ කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

“සිරි දළදා දැක්ම” නමින් මෙම දළදා ප්‍රදර්ශනය මහනුවර ඓතිහාසික දළදා මාලිගාව පරිශ්‍රයේදී පුරා දින 10ක් පැවැත්වීමට නියමිත ය.

දළදා ප්‍රදර්ශනය සමාරම්භක දිනයේ පමණක් ප.ව. 03.00 ආරම්භ කර ප.ව. 05.00 ට අවසන් කෙරේ.

ඉන් අනතුරුව 19වනදා සිට දහවල් 12.00 සිට ප.ව. 05.30 දක්වා දළදා ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙසේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙන්නේ වසර 16 කට පසුව වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියද පෙබරවාරි 24 වනදා දළදා වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙසේ විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශයට පත් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...

දෙවන කාර්තුවේ ධනාත්මක ආර්ථික වර්ධනයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා ද...