*
Monday, March 3, 2025
spot_img

Latest Posts

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් තත්ත්වය ගැන සෞඛ්‍ය ඇමතිගේ අවධානය!

රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW):

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර හා අනෙකුත් සේවාවන් පිළිබඳව , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙහි දී අමාත්‍යවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ රෝගීන් ලියාපදිංචිය, ජලභීතිකා එන්නත් කාමරය, වැඩිහිටි සත්කාර ඒකකය, වේදනා සමන ඒකකය, ක්‍රීඩා වෛද්‍ය ඒකකය, ප්ලස්ටික් සැත්කම් ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, ප්‍රධාන වාට්ටු ආදී රෝහලේ රෝගී ප්‍රතිකාර අංශ සහ සායන කිහිපයක් ම වෙත ගොස් පෞද්ගලිකව ම කරුණු සොයා බලන ලදි.

අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම් අර්ජුන තිලකරත්න මහතා ඇතුළු රෝහල් පරිපාලනය සමග රෝහලේ පවතින ගැටළු සහ මානව හා භෞතික සම්පත් මෙන් ම ඉදිරි සැලසුම් සහ ඉලක්ක පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලද අතර, එහි දී රෝහලේ පවතින ගැටළු කිහිපයක් පිළිබඳව අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලදි.  

ඒ අනුව රෝහලේ අතරමඟ නැවතී ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට කටයුතු කිරිම පිළිබඳව මෙහි දී අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරනු ලැබී ය.

එමෙන් ම රෝගී පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගනු ලබන උපකරණවල දෝෂ සහගත තත්ත්වයන් පිළිබඳව ද මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර, රෝහලට  අවශ්‍ය භෞතික හා මානව සම්පත් සපයමින් රෝහලේ පවතින පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. 

රෝහල සතුව දැනට තිබෙන මානව හා භෞතික සම්පත් උපරිම ඵලදායි අයුරින් ප්‍රතිකාර සේවා සඳහා යොදා ගැනීමට නව සැලසුම් සකස් කරන ලෙස මෙහි දී අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබී ය. 

පේරාදෙණිය ශික්ෂණ රෝහල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් පුහුණු කිරිම සිදු කරනු ලබන බවත්, දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනයේ පිළිගත් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද කටයුතු කරනු ලබන බව ද මෙහි දී අනාවරණය විය. 

එමෙන් ම  ශල්‍යකර්ම, වෛද්‍ය විද්‍යාව, ළමා රෝග, මනෝචිකිත්සාව, ප්‍රසව හා නාරිවේදය, විකලාංග, රුධිර විද්‍යාව, ක්ෂුද්‍රජීව විද්‍යාව, ව්‍යාධි විද්‍යාව, නිර්වින්දන විද්‍යාව, විකිරණවේදය, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යන පශ්චාත් උපාධි වෛද්‍ය අභ්‍යාසලාභීන් පුහුණු කිරීම ද මෙම රෝහලෙන් සිදුවන බව වැඩිදුරටත් අනාවරණය විය.

එබැවින් එම කටයුතු සදහා  පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති බව ද සම්මන්ත්‍රණ ශාලාවක අවශ්‍යතාවය ඇති වී තිබෙන බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් දැනුවත් කරන ලදි. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan