ට්‍රම්ප්ගේ නවතම තීරණය!

රෂිකා හෙන්නායක මාර්තු 03 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයකට   අත්සන් තබා තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, 2000 වසරේදී අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් අත්සන් කරන ලද ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාවිත කරන පුද්ගලයින්ට අමෙරිකානු රාජ්‍ය ආයතන මඟින් අවශ්‍ය සේවා සැලසීම සඳහා වූ ප්‍රතිපත්තිය එමඟින් අවලංගු කර ඇති බවයි .

ඉංග්‍රීසි භාෂාව අමෙරිකාවේ නිල භාෂාව ලෙස ස්ථාපිත කිරීම මඟින් සන්නිවේදනය විධිමත් කරන බව අදාළ නියෝගයේ සඳහන් වන අතර,   ඒ අනුව අමෙරිකාව තුල වඩාත් කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම එම තීරණය මඟින් සිදුවන බවද එහි දක්වා තිබෙන බව වාර්තා වේ.

මේ වන විටත් ඇමරිකාවේ ප්‍රාන්ත 30කට අධික ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාව නිල භාෂාව වශයෙන් භාවිතා කරන අතර. ඉංග්‍රීසි හැර වෙනත් භාෂා භාවිතා කරන පුද්ගලයන් සංඛ්‍යාවේද වර්ධනයක් සිදු වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඒ අනුව ඉංග්‍රීසි භාෂාවට හැර ඇමරිකාවේ වැඩි පිරිසක් ස්පාඤ්ඤ භාෂාව සහ අරාබි භාෂා භාවිතා කරන බව එරට සංගණන වාර්තා අනාවරණ කර තිබෙන අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම නියෝගයකට අත්සන් තබා ඇත්තේ එවැනි පසුබිමක් තුළ බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...