කීත් නොයාර්ට පහරදීම : අත්අඩංගුවට ගත් තවත් හිටපු බුද්ධි අංශ සෙබළෙක් ඇප මත නිදහස්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2008 වසරේදී “ද නේශන්” පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී වධහිංසාවට ලක්කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තවත් හිටපු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබේ.

ඒ අනුව, සැකකාර විශ්‍රාමික බුද්ධි අංශ සාමාජිකයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනිය මහත්මිය නියම කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා දිනයේදී අත් අඩංගුවට ගෙන තිබුණු තවත් හිටපු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ (02) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...

ජපන් තේ ලෝලීන්ට Ceylon Ice Tea රස හඳුන්වා දෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින අඛණ්ඩ සංස්කෘතික...