මාර්තු ආරම්භයේම කොටස් වෙළඳපොලේ දැවැන්ත පල්ලම් බැසීමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාර්තු මාසයේ ගනුදෙනු සිදුවුණු පළමු දිනය වූ ඊයේ (03) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල දැවැන්ත කඩාවැටීමක් පෙන්නුම් කළේය.

ඊයේ දිනයේ ගනුදෙනු අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 311.37 කින් පහළ ගොස් එහි අගය ඒකක 16167.30ක් වශයෙන් දැක්වුණි. එය ප්‍රතිශතයක් වශයෙන් 1.89% ක පහළ බැසීමකි.

එසේම S&P SL20 මිල දර්ශකය ද ඊයේ දිනයේදී ඒකක 103.96 කින් පහළ බැස තිබුණු අතර එහි අගය දැක්වුණේ ඒකක 4827.21 ක් වශයෙනි. එය 2.11% ක පහළ බැසීමකි.

ගතවූ මාසයක කාලයක් තුළ සමස්ත ගනුදෙනු දෙස බැලීමේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 1000 කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...