රැකියා විරහිත උපාධිධාරීන් පාර්ලිමේන්තු පිවිසුම අසලට – ජනපති හෝ අගමැති සාකච්ජාවක් නොදෙන්නේ නම් අඛණ්ඩ විරෝධතවකටත් සූදානම්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (04) කොළඹදී විරෝධතා පාගමනක් හා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රාජගිරිය ගුවන් පාලම අසලින් ඇරඹි විරෝධතා පාගමන පොල්දුව හංදියේ පාර්ලිමේන්තු පිවිසුම දක්වා පැමිණ එම ස්ථානයේ සිට උද්ඝෝෂණයේ නියැලුණේ ආණ්ඩුව පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් වෙත රැකියා ලබා දෙන ලෙස බලකරමිනුයි.

අද දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද සිදුවන අතර අද දිනයේ සිය ගැටළුවට විසඳුමක් බලාපොරොත්තු වන බවයි විරෝධතා කරුවන් අවධාරණය කළේ.

ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එහි නිලධාරියෙක් සමඟ සාකච්ජාවක් ලැබී ඇති නමුත් ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය මැදිහත්වී අද දින ඔවුන්ට සාකච්ජාවක් ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් විරෝධතාවෙන් ඉවත් නොවී පොල්දුව මංසන්ධිය අසල රැදී සිටින බවත් විරෝධතාකරුවන් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/708/Unemployed%20graduates%20protest%202025

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...