දේශබන්දු තවමත් අතුරුදහන් වෙද්දී වැලිගම වැඩබලන ස්ථානාධිපති අධිකරණයට භාර වෙයි!

Date:

කොළඹ LNW:වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අද (04) අධිකරණයට භාර වී තිබේ.

මාතර,වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කළ අතර එම පිරිස අතර වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයද විය.

ඒ අනුව මේ වන විට වැලිගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අධිකරණය හමුවේ පෙනී සිටියද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

වාර්තා වූ පරිදි ඔහු රැඳී සිටිය හැකි බවට ස්ථාන 20ක් පරීක්ෂා කර ඇති අතර එම කිසිදු ස්ථානයක ඔහු නොමැති බව කියැවුණි.

එම වෙඩි තැබීම 2023 වසරේ දෙසැම්බර් 31 සිදුව තිබුන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පැවසෙන පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...