ADB වෙතින් තවත් සහනයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 04, කොළඹ (LNW):

සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන ආසියානු සංවර්ධන බැංකු ණය මුදලේ සහ ප්‍රදානයේ වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් වේ.

මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමුව යන පළාත්වල ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩි දියුණු කිරීම අපේක්ෂා කරමින් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කර තිබෙන බව සඳහන් වේ.

ඒ සඳහා වන මුල් මූල්‍යකරණය අමෙරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් හා අමෙරිකානු ඩොලර් මිලියන 12.5 ක ප්‍රදානයකින් සමන්විත වේ.

ඊට අමතරව, එම ව්‍යාපෘතියේ අතිරේක මූල්‍යකරණය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා ගෙන තිබෙන බවද සඳහන් වේ.

ව්‍යාපෘතිය සඳහා මුල් මූල්‍යකරණය යටතේ ලබා ගෙන ඇති ණය මුදල සහ ප්‍රදානය සම්පූර්ණයෙන්ම උපයෝජනය කිරීම සඳහා ඒවායේ වලංගු කාල සීමාව තවත් වර්ෂයකින් දීර්ඝ කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

ඒ අනුව, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ මුල් ණය හා ප්‍රදානයෙහි වලංගු කාල සීමාව 2025-11-30 දින දක්වාත්, ණය මුදල ගිණුම් පියවා අවසන් කිරීමේ දිනය 2026-05-31 දින දක්වාත් දීර්ඝ කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...